අත පාටියේ ජනාධිපති සිහිනයක හිටිය ඒ පක්ෂයේ ලොකු තැන ඒ වේදිකාවෙන් බස්ස ගන්න ආණ්ඩුවේ ඉඳලා ආපු කණ්ඩායම ලොකු සටනක් මේ දවස්වල දෙනවලු. ඒ අය තේරුම් කරලා දෙනවලු මේ වෙලාවේ ඉල්ලන්න එපා පරාද වෙයි කියලා. ඒ වෙනුවෙන් ලොක්කට අලුත් හීනයක් ඒ අය පෙන්නන්නලු යන්නේ.
ඒ තමයි දැන් ඉන්න ලොකු තැනට ආයේ බලයට එන්න උදව් කරමු කියලා. එහෙම කරලා රටේ දෙවැනි පුටුව ගමු කියලලු. ඒකට හේතුව කියන්නේ පොහොට්ටුවේ ලොකු ලොකු අය ඉස්සරහට නැති නිසා ඒ අවස්ථාව තියෙන්නේ මෙයාට කියලා ඒ අය සිහිනය හදන්නලු යන්නේ. දන්න හැටියට ලොකු තැනත් අකැමැති කැමැති වගේ එකකලු ඉන්නේ. ඒක ඉතිං ඉක්මනින් හරි යයි කියලලු කට්ටිය කතාවෙන්නේ.