2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

බොඳවුණු සිහින දෙකක්

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 602

කාකි සූට් දෙපාර්තමේන්තුවේ මහ පුටුව ආයෙමත් වරක් පසුගියදා හිස් වුණාම ඒ තනතුරට එන්න බලාගෙන ඉන්න කෙනෙක් තිරය පිටුපස ඉඳන් සටනක් සූදානම් කළාලු... මේ සඳහා උන්නැහේ කළේ මෙවැනි සටන් සඳහා නිතර ඉදිරිපත් වන ප්‍රකට ස්වාමීන් වහන්සේලා දෙනමකට කතාකරල ඉල්ලීමක් කිරීමයි.

''හාමුදුරුවනේ මමත් රටට දැයට දේශයට ආදරය කරන කෙනෙක්. ඒ නිසා ඔබවහන්සේලා මේ පාර මට උදව් කරන්න.'' කියල මහ පුටු සටනෙ ඉන්න කෙනා හාමුදුරුවරු ඉදිරියේ නමස්කාර පූර්වකව කිව්ව. ඊටපස්සෙ උන්වහන්සේල ඇහුව කළයුතු දේ. එතකොට අර කාකි සූට් මහත්තය කිව්ව, ඔබවහන්සේල මහනුවර මහ පන්සල් දෙකට ගිහිල්ල මේ ගැන කතා කරන්න. එහෙම කළොත් මගේ වැඩේ මේ පාර කෙරේවි කියල. කොහොම නමුත් ඒ ස්වාමීන් වහන්සේලා කාකිසූට් මහත්තයට මුකුත් නොකියා රටේ ඉහළම කන්තෝරුවක ඉන්න උසස්ම කෙනෙක්ගෙන් මේ ගැන උපදෙස් පැතුව. ඒ උපදේශයෙන් පස්සෙ මේ නායක හාමුදුරුවරු කතන්දරෙන් අයින්වුණාලු...

ඒ නිසා උන්නැහේගේ කාකිසූට් ලොකු පුටු හීනෙ බොඳවුණා. ඒ වගේම ඔය දෙපාර්තමේන්තුවෙම ඉන්න බොහෝම ජයවර්ධනය කරපු කෙනෙකුත් සුපිරි සාදයක් පැවැත්තුවලු. ඔතන ලොකු පුටුව මටයි ලැබෙන්නෙ කියල...
ඒත් එයාගෙත් හීනෙ බොඳකරමින් හිටපු කාකි සූට් ලොක්ක තවත් ටික දවසකට ආණ්ඩුව විසින් මහ පුටුවෙ වාඩි කළා.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00