අලුත් සුව ඇමති වැඩ බාරගත්ත දවසේ ඉඳලා සුව සේවයේ තියෙන ගැට ලිහනවා වෙනුවට වැඩියෙන්ම ලෙහන්න වෙලා තියෙන්නේ හිටපු ඇමති තැන ගහලා ගිය ගැටලු. ඒක සම්පූර්ණයෙන් අවුල් ජාලාවක් වෙලාලු. මෙයා දැන් එකින් එක හොයලා බලලා ඒ ඒ අයගේ වාර්තා ගන්නවලු.
හිටපු ලොකු කෙනත් එක්ක බජව් දාපු සමහර ලොක්කෝ මෙයාටත් එක එක දිව්‍යලෝක මවාගෙන එන්න අරන්ලු තියෙන්නේ. ඉතිං ඒ හැමෝටම අලුත් කෙනා මාරුවීම් දෙන්නලු ලෑස්තිය. කොහොම වුණත් හිටපු කෙනා වැඩ කළාට වඩා වැඩ අනලා කියලා බැලූ බැල්මට පේන්න අරන්ලු. මේ නිසා අනපු වැඩ හරි ගස්සන එකලු අලුත් කෙනාගේ පළමු රාජකාරිය වෙලා තියෙන්නේ.