කාමර හුටපටේට මුහුණ දීල ඉන්න රාජ්‍ය ඇමැතිතුමාගෙ ප්‍රශ්නෙ විසඳන්න සාකච්ඡාවක් තිබ්බ... ඒ සාකච්ඡාව තිබ්බෙ ඇමැති අංසෙ ලේකම් තැනගෙ ප්‍රධානත්වෙන්...
යාපා ඇමැතිගෙ නියෝජිතයො හිටියෙ ටිකක් කෝපයෙන් එයාලට ප්රශ්නය විසඳනව කියල දීපු දිනේට ප්රශ්නය නොවිසඳීම නිසා ඒ ගොල්ලො ලේකම් තැනට දොස්පවරන්න ගත්ත... එතකොට ලේකම් තැන කිව්වලු ප්‍රශ්නෙ විසඳගන්න අලුත් තැනක් හෙව්වා... මෙතන දෙගොල්ලකට බැරි නිසයි වෙන තැනක් හෙව්වෙ කියලා...
ඊළඟට යාපා ඇමැතිගෙ කස්ටිය ඇහුවලු තැන කොහේද කියලා... එතකොට ලේකම් තැන කිව්වලු අහවල් අමාත්‍යංශෙ අහවල් තැන කියල... අන්තිමේදි අලුත් තැන හොයලා බලනකොට ඒක වෙනත් අමාත්‍යංශයක රියදුරන්ට නිදාගන්න වෙන්කරපු කුටියක්ලු. මේ රියදුරන්ගෙ ඩ්‍රැයිවර් රූම් එක රාජ්‍ය ඇමැතිගෙ කන්තෝරුව කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ඊළඟට මතුවුණා. ඒකට විසඳුමක් ලේකම් තැන ළඟ තිබුණෙ නැතිලු... කව්ද ඔය ඩ්‍රයිවර් රූම් එක අපේ රාජ්‍ය ඇමැතිතුමාගෙ කන්තෝරුව හැටියට ගන්න කිව්වෙ... ඔහේලගෙ ලොක්කද කියලා... ප්‍රශ්න කළ රාජ්‍ය ඇමැතිගෙ නිලධාරි සාකච්ඡා මේසෙන් නැගිට්ටලු.