2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

රිවර්ස් කිරිල්ලක්

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 644

රටේ ලොකු තැනට කිට්ටුවෙලා ඉන්න එක්තරා දකුණෙ දේශපාලුතුමෙක් එක එක වැඩ ගේනවලු රාජ්‍ය අනුග්‍රහයක් ගන්න කියලා හිතාගෙන. මොකද ඉතින් එයාලගේ ලොක්කනෙ, එයාලගේ ආණ්ඩුවක්නෙ කියලා හිතාගෙන. ඒත් ලොකු තැනගේ ළඟම ඉන්න තවත් කෙනෙක් ඔහොම ගේන එක එක ලෙඩ වැඩ එක පෑන් පහරින් කපලා යවනවලු. ඉතින් මේක එතැන ගේම් ගහන්න ප්ලෑන් කරන අයට ලොකු ප්‍රශ්නයක් වෙලාලු.

ඉතින් මේ ප්‍රශ්නය ලොකුවටම ඇවිල්ලා තියෙන්නෙ ගාල්ලේ පැත්තෙම සක්‍රීයව දේශපාලනය කරන එයාලගේ පක්ෂයේ කෙනෙක්ගෙන්ලු. මොකද එයා ගෙනාපු ගොඩක් වැඩ අරයා හරවලා යවලලු. රටේ ලොකු තැනත් ඒවා බලන්නෙ නැතුව අරයටම දෙනවලු බලලා කරලා අවසර දෙන්න කියලා. ඉතින් ඒවා බලන කෙනත් එතැනට ගේන ජරමර වැඩ එකපාරටම හරවලා යවනවා කියලයි කේස් එක.