ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවය කියන එක්තරා අපේක්ෂකයෙක් දැනටමත් තමන්ගෙ ප්රචාරක මෙහෙයුම පටන් අරන් බව පේනව. සාකච්ඡා සම්මන්ත්රණ ආදිය මගින් තමයි මේ කතන්දරේ උන්නැහේ ඉදිරියට ගෙනියන්නෙ.
සුළු පක්ෂ මගින්, ආණ්ඩුවෙ කලකිරුණු පිරිස් සමඟත් එයා දැන් කතාව පටන් අරන්. එච්චර විතරක් නෙවෙයි උන්නැහේ තමන්ගෙ ආණ්ඩුවක් එනවය කියල ලොකුම විශ්වාසයකින්ලු ඉන්නෙ. ඒ නිසා එයාට දැන් ඉඳල සහාය දෙන අයගෙන් තමන්ගෙ ආණ්ඩුවෙ කැබිනට් මණ්ඩලේට ඇතුළත් කරගන්න අයගෙ ලැයිස්තුවක් පවා හදාගෙන යනවය කියල තතු දත් අය කියනව.
රටේ හිටපු ලොකු තැන වන ගෝඨ උන්නැහේගෙත් සමීපතම හිතවතෙක් වන මුන්නැහේ එයාවත් තමන්ගෙ වේදිකාවට ගන්නලු ට්රයි කරන්නෙ. ඒත් ගෝඨ උන්නැහේ ඒක ප්රතික්ෂේප කළා කියලයි ආරංචිය.
ජනපති ඡන්දය ජයගන්න වීරයෙක් වගේ ජයට වැඩ කරන මෙයා දකුණුලකේ අගනගරෙන් ආපු කෙනෙක්ලු.