ඩුබායි පැත්තෙ තියෙන ලොකු සමුළුවකට රටේ ලොකු මහත්තය එක්ක ලොකු පිරිසක් යනවය කියල පොඩි සද්දයක් විපක්ෂය පැත්තෙන් මතු කරල තිබෙනව...
මේ සද්දෙට හේතු කාරණා සොයාගෙන සොයාගෙන යනකොට ආරංචි වුණේ එහෙම යන අයගෙන් සෑහෙන පිරිසක් දියවන්නා කවුන්සිලේ නොයෙක් පක්ෂවල උදවිය කියලයි. එයින් සමහරු දැනටමත් විපක්ෂය සමඟ දේශපාලන යාලු මිත්රකම් පවත්වන උදවියලු...
ඉතින් මෙහෙම විපක්ෂය සමඟ පූට්ටුවෙන්න යන කස්ටිය කිහිප දෙනෙක් රටේ ලොකු මහත්තයත් එක්ක පිටරට සමුළුවකට යන එක දේශපාලන සාත්තරේ හැටියට ඒ හැටි ගුණදායක දෙයක් නෙවෙයි.
අනිත් කතාව ඔහොම යන උදවියගෙන් හතර පස් දෙනෙක් ආපසු ආවම ලොකු මහත්තයගෙ සෙවණට යන්න හදනවය කියන කතාව...
ඉතින් ඒ නිසා විපක්ෂයෙ සමහරු මේ ගමන ගැන ඝෝෂා කරනවය කියල ආණ්ඩුව කියනව. ඒ වුණත් මේ දුප්පත් රටේ එක ගමනකට අසූවක් එක්ක යනවය කියන එක නම් සෑහෙන්න අප්සෙට් වැඩක් බව හුඟ දෙනෙක් කියන්නට පටන් අරන්.