2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

සාදය ඉවරයි

2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00725

රට - මෙරට රස්සා සම්බන්ධව වැඩ කරන ආණ්ඩුවේ එක්තරා අමාත්‍යංශයක ලේකම් සයිස් මහත්තයකුයි ඒ විෂය බාර රාජ්‍ය මට්ටමේ ඇමැති තැනයි ඌව වෙල්ලස්ස පැත්තේ රාජ්‍ය ඇමැතිතුමාගේ ගම් පළාතේ තිබුණු රාජකාරි වැඩකට ගියා.
දවසේ වැඩ කටයුතු ඉවරවෙලා හැන්දෑ බාගයේ කස්ටිය පොඩි මධුවිත පාටියකට සැට් වුණා. 

විෂය බාර ඇමැති තැන එක්ක මාර කොක්කක ඉන්න කැලේ පිපුණු මලක් වගේ වැජඹෙන රාජ්‍ය ඇමැති තැනට පදමට වැදුණම අමාත්‍යංශ ලේකම්කම කරන ''වීරයාට'' මෙන්න මෙහෙම උපදෙසක් දුන්නා. ''මේ යාළුවා ඔයාගේ ලොක්කා දෙන ලියුම් කියුම් අත්සන් කරන්නෙ බලාගෙන.''

එහෙම කියලා කට කණ ළඟට කරලා ලොකු රහසක් හෙළිදරව් කළා. ලේකම්ගේ වෙරි හිඳුණා. සාදයත් ඉවර වුණා.

 

2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00