2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

අමුතු උපදෙස්

2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00765

මැතිසබේ තියෙන ලොකු වැඩකරන ඉතාම වැදගත් සභාවක ලියන මහත්තය හැටියට ඉන්න එක්තරා පොරක් තියෙන වැඩ අවුල් කරනවය කියල ලොකු කතාවක් යනව.

උන්නැහේ කලින් මැතිසබේ ඉහළම පුටුවක ඉඳල ඊළඟට මේ කියන සභාවෙ ලියන මහත්තය හැටියට පත්වුණා...

සභාව වෙනුවෙන් ලියුම් ලියන එකට අමතරව උන්නැහේ සභාවේ ප්‍රධානියාට නිසි උපදෙස් දීමත් කළ යුතුයි. නමුත් උන්නැහේ එහෙම නොකර වැඩේ අල කරන බවයි තතු දත් අය කියන්නෙ.

පසුගිය දවසක උන්නැහේ මේ විදියට ඇතිකරපු අර්බුද දෙකක් නිරාකරණය කරන්න ආණ්ඩුවෙ නීති කන්තෝරුවෙ ලොකු මහත්තය ඒ සභාවට කැඳවල ජාම බේරගත්ත බවත් ආරංචියි...

තමන්ගෙ උපදෙස් අනුව සකස් කරන ලියුම්වලට එයා අත්සන් නොකර ඔය කියන සභාවෙ ප්‍රධානත්වය දරන නායකයගෙ අත්සනින් යවන්න තරම් මේ ලේකම් තැන සූක්ෂ්ම විදියට ක්‍රියා කරනවලු...

එයා කරන මේ ''දස'' වැඩ නිසා ඔය කිය සභාවට මෙතෙක් තිබුණ කීර්තිය මැකෙන්න පුළුවන් කියලත් සමහරු කියනව.