දියවන්නා කවුන්සිලේ ඉන්න කස්ටිය අතරේ අපූරු චරිත තිබෙනව.... එයින් සමහරුන්ට ඇත්ත බොරු කරන්නත් තියෙන්නෙ පුදුම හැකියාවක්. ඔන්න අපි අද කියන්න යන පොර දියවන්නාවට පත්වුණේ ඌව පළාතෙන්. ඉන්නෙ විපක්ෂයෙ. කවදත් වලියට බර මේ චරිතය මෑතකදී ඉඳන් ටිකක් බරසාර පොරක් වෙන්න කල්පනා කරල අමුතු වැඩක් පටන් ගත්ත. ඒක තමයි දියවන්නා කවුන්සිලේ මැම්බර් කෙනෙක් ''රෝන්'' යනකොට ස්ථාවර නියෝග පොත අරන් නැගිටල අහවල් වගන්තිය අනුව ඔය වැඩේ වැරදී කියල පෙන්වාදීම....
මුන්නැහේ දවස් ගණනක් ඒක කළාම ස්ථාවර නියෝග එහෙම කට පාඩමින් දන්න ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීල ඇමැතිල කියන්න ගත්ත ''ඔය ස්ථාවර නියෝගයේ ඔහොම දෙයක් නැහැ. තියෙන්නෙ මෙහෙමයි'' කියල....
නමුත් ඌවෙ පොර නෙවෙයි තමන්ගේ වැඩේ නැවැත්තුවෙ.... එයා ස්ථාවර නියෝග පෙන්වාදීම දිගටම කරන්න ගියාම ආණ්ඩු පක්ෂයෙ මැති ඇමැතිල මේක විහිළුවට ගන්න පටන් ගත්ත... මොකක් හරි සිද්ධියකදී ඌවෙ යාළුව ස්ථාවර නියෝග පොතත් අරන් නැගිටිනකොටම ආණ්ඩු පක්ෂයෙ ඉන්න කචල්කාරයො ''91 ඌද'' කියල අහමින් සිනාවෙන්න පටන් ගත්තලු....
ඒ පාර පොරගෙ ස්ථාවර නියෝග වැඩේ තරමක් අවුල් වුණා. එයා ඒක අවුල් කරගත්තට පස්සෙ කැලණි පාලම පැත්තෙන් කවුන්සිලේට ආපු වලියට බර තවත් මන්ත්‍රී කෙනෙක් ස්ථාවර නියෝග පෙන්වා දෙන්න පටන් ගත්තලු... ඒකත් දැන් විහිළු සීන් එකක් වේගෙන යනවය කියලයි ආරංචි. මොකද එයාල කියන සමහර ස්ථාවර නියෝග පොතේ නැති ඒවා නිසා...