අත පාටියේ කට්ටියක් දුරකථන පාටිය එක්ක එකතුවෙන්නලු යන්නේ. ඉතිං මේ අය හදන්නේ කොහොම හරි දුරකථන පාටිය එක්ක පක්ෂය සන්ධාන ගස්සන්නලු. ඒත් පක්ෂයේ ලොකු තැන නම් ඒකට කැමති නෑලු. එයා ආස එයත් තරගයට ඉදිරිපත් වෙන්න ඕන කියලයි. කට්ටිය ඉතින් මේකට කැමති නෑලු. ඒ අය කියන්නේ අපි එකතුවෙලා එකට ඉල්ලමු කියලා.
ඉතින් ලොක්කත් කියන දේ අහන්නේ නැති එකේ මේ අය හදනවලු අතපාටියේ සුරකින සංවිධානය එක්ක එකතු වෙන්න. ඒකත් එක්ක එකතුවෙලා පීල්ල මාරු කරන්න. වැඩේට කළුතර සිංහයත් එකපයින් කැමතිලු. හැබැයි ආරංචි හැටියට පීල්ල මාරු කරන අයට ළඟදීම ලොකු මැඩම් කෙනෙක් කතා කරලා අවවාද කරන්නලු යන්නේ ඕවා කරන්න එපා පක්ෂය එක්ක ඉන්න කියලා. හැමෝම බලාගෙන ඉන්නේ මොකකින් මොකක් වෙයිද කියලලු.