2024 ජනවාරි 13 වන සෙනසුරාදා

ට්‍රොයිකාවට ඇමක්

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 492

සමගියෙන් කටයුතු කරනවය කියන එක්තරා බලවේගයක දේශපාලන ''ට්‍රොයිකාවක්'' හැදිලය කියල කතාවක් යනව...
මේ ''ට්‍රොයිකාවට'' අයිති පක්ෂයෙ ඉන්න ආර්ථික කටයුතු ගැන කතාකරන තුන්දෙනෙක්ලු...

එයාල මේ පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයො හැටියට කාලයක් කට්ට කාල පක්ෂය ගොඩනගන්න මහන්සි වූ අය බවයි එයාලගෙ අදහස...

ඒත් අලුතෙන් පක්ෂයට එන අයට මේ පැරණි අයට වඩා තැනක් ලැබීම ''ට්‍රොයිකාවට'' දිරවන්නෙ නැතිලු... ඒ වාගේම ''ට්‍රොයිකාව''ට අයිතිය කියන එක්තරා උගතකුට පක්ෂයෙම අය ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාර එල්ල කිරීම ගැනත් මේ අය නොසතුටින්ලු ඉන්නෙ. මේ බව දන්න ආණ්ඩුවෙ ලොකු මහත්තයෙක් මේ ට්‍රොයිකාවෙ තුන්දෙනාට දේශපාලන ඇමක් දාගෙන ඉන්න බවත් ආරංචියි....