දියවන්නා කවුන්සිලේ වාර අවසන් කරල අලුතින් පටන් ගන්නෙ නිදහස් උත්සවෙන් පස්සෙලු... හදිස්සියෙ මේ විදියට කවුන්සිලේ වාර අවසාන කරන්නෙ ඇයි කියන එක සමහරුන්ට ලොකු ප්රශ්නයක් වෙලා... ඒත් තතු දත් අයට නම් ඒක ඒ හැටි රහසක් නොවෙයිලු...
මේ වාර අවසානයත් එක්ක දියවන්නා කවුන්සිලේ තියෙන කමිටු රැසක් එකපාරට කම්මුතු වෙනව. ඒ එක්කම ඒවයෙ සභාපතිකම් කරන උදවියටත් පට්ටම් අහිමි වේවා. ඉතින් තිරය පිටුපස කතාව තියෙන්නෙ ඔය කමිටුවල දැනට තානාන්තර දරමින් වාතයක් වෙච්ච සභාපති පට්ටම්ධාරීන් කිහිප දෙනෙක් දොට්ට දමන්න ඕන නිසා මේ වාර අවසාන කිරිල්ල ඉක්මණින් කරන වගයි.
මෙයින් එක්කෙනෙක් උගතකු ලෙස ප්රකාශ වෙන කෙනෙක් වුණත් කරන්නෙ නූගතුන්වත් නොකරන වැඩලු... අනෙක පරණ වුණාට බාරදීපු වැඩේ හරියට කරගන්න බැරි කෙනෙක්ලු...