රටේ ප්‍රධානම දේශපාලන පක්ෂයක ඉහළම පට්ටමක් දරල හිටි ගමන් එතනින් ඉවතට තල්ලුවුණ කටකාර මහත්තයෙක් ඉන්නව....
උන්නැහේ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් හැටියට එනවය කියලත් කතාවක් ගියත් ඒක එයා නම් තවම කියල නැහැ.
කොහොම නමුත් උන්නැහේ තමන්ගෙ පක්ෂයේ ලොකුම පුටුවක වාඩිවෙලා ඉන්න කාලෙ පක්ෂයේ අරමුදලේ තිබුණ කෝටි ගණනක මුදල්වලට වෙච්ච දෙයක් නැහැ කියල එයාගෙ පක්ෂයේ නායක මට්ටමේ අය දැන් කියන්න පටන් අරන්ලු. උන්නැහේට ඒ වියදම් පෙන්නන්න කිව්වට තවමත් වියදම් පෙන්න ගන්නත් බැරිවෙලාලු.
ඒ හින්ද මේ දයාබර දේශපාලන කටකාරයගෙන් ඒ පක්ෂ අරමුදලට වුණු දේ දැනගන්න පක්ෂයේ ඉහළම උදවිය නීතිමය ක්‍රියාමාර්ගයකට ගන්න හදනවය කියලයි ඩාර්ලි පාර පැත්තෙන් ඇහෙන්නෙ. මේ කතාවල ඇත්ත නැත්ත අලුත්කඩේදී ළඟදීම බලාගන්න පුළුවන් කියලයි පක්ෂයෙ නායක කාරකාදීන් කියන්නෙ.