2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ටික්ටොක් මන්ත්‍රීලා

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 528

මේ දවස්වල අලුත් නළුවෝ ටිකක් කරළියට ඇවිල්ලලු. මේ අලුත් නළුවෝ ටික රඟන්න දක්ෂ වුණාට, කලින් මේ වගේ රැඟිලි තිබුණෙ නෑලු. ඉතින් මේ නළුවෝ ටික වෙන කවුරුත් නෙමේලු පොහොට්ටුවේ තරුණ මන්තිරිලා. මේ අය දැන් වැඩි වැඩියෙන් තරුණ තරුණියෝ එක්ක ගැවසෙන්න ඕනෑ නිසා මේ දවස්වල වැඩිපුරම ඉන්නේ ටික්   ටොක් වලලු. මේවා රඟපාන එක විතරක් නෙමේ වීඩියෝ කරන එක පවා කරන්නේ මේ අයලු.

කොහොම වුණත් මේ තරු අතරින් වැඩිම දෙනෙක් කතා වෙන කෙනා තමයිලු බදුල්ලේ කටකාර කෙනෙක්. එයා මේ දවස්වල මීදුම මැද්දෙන් නළුවෙක් වගේ ඇවිදගෙන යන වීඩියෝ එකක් තමයිලු ටික් ටොක් එකේ ජනප්‍රිය එක. හැමෝම මේක ගැන කතා වෙනවලු. ඒ වගේම ගොඩක් අය දැන් දැන් ටික් ටොක් එකවුන්ට් හදාගෙන කරළියට එන ගමන්ලු ඉන්නේ. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00