මේ දවස්වල වැඩියෙන්ම රටේ ලොක්කා ගැන කියන ආර්ථික ඔස්තාර් කෙනෙක් ඉන්නවලු. එයා එයාගේ ලොක්කගේ වැඩපිළිවෙළට වඩා රටේ ලොක්කගේ වැඩේ අගය කරනවලු ඒක තමයි හොඳම කියලා. කොහොම හරි මෙයා මෙච්චර හොඳ කියන්න හේතුව මොකක්ද කියලා කට්ටිය බැලුවලු. ආරංචි හැටියට එයාට ලොක්කව දෙපාරක් තුන්පාරක් හම්බවෙලා තියෙනවා කියලයි ආරංචිය.
කොහොම වුණත් මෙයා පාර පනී කියලා බයට හැමෝම මෙයා ගැන අවධානයෙන්ලු ඉන්නේ. විශේෂයෙන් මෙයාගේ ලොක්කා වෙච්ච දුරකථන පාටියේ ලොක්කා එහෙම මෙයා ගැන හොයන්න කට්ටියක් දාලලු. ආරංචි හැටියට එයාව ගොඩක් වටින නිසා ලොක්කා මලක් වගේ රකිනවලු පාර මාරුවෙයි කියලා බයට.