2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

අවනඩුවක්

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 644

ස.ජ.බෙ ලොක්කො ෆොනීට විරුද්ධයි වගේ පොහොට්ටුවෙ පසු පෙළ සහ ඉදිරි පෙළ සෑහෙන පිරිසක් එක්තරා ඇමැති සයිස් මහත්තයකුට විරුද්ධව සද්ද බද්ද දාන්න පටන් අරන්ලු..

එහෙම විරුද්ධ වෙන්න හේතුව උන්නැහේ පක්ෂ ප්‍රතිපත්තියට පිටින් ගිහිල්ල ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවය කියන අපේක්ෂකයකුගෙ කැම්පේන් එක කිරීම බවයි තතු දත් අය කියන්නෙ..

පසුගිය දවස්වල උඩරට පළාතට ගිහිල්ල මුන්නැහේ ඔය කැම්පේන් වැඩේ කරන්න යනකොට සමහර ප්‍රා සභා පළාත් සභා කස්ටිය ඒකට උදැල්ල දාල මත ගැටුම් එහෙමත් ඇතිවුණාලු...

කොහොම හරි පොහොට්ටුවෙ නිර්මාතෘවරය ළඟදි රට ඉඳන් ආවම මේ අවනඩුව කියල විසඳගන්න පිරිසක් බලන් ඉන්න බවයි ආරංචි.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00