2024 මාර්තු 02 වන සෙනසුරාදා

උදව්වට සටනක්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 477

රටේ ලොකු තැනට උදව් කරන පොහොට්ටු කස්ටිය අතර දැන් ලොකූ සටනක් පටන් අරන්ලු. ඇමැති මණ්ඩලේ ඉන්න සැට් එකක් ලොකු තැනට උදව් කරන්න වෙනම පක්ෂයක් හදන්න ප්ලෑනක් ගහන්න යනවලු. ඒත් මේ වෙද්දි මීගමුවේ හාදයා එක්ක පටන් ගත්ත වැඩේ නිසා කට්ටිය ටික ටික ඒකට එකතුවෙන තැනකලු ඉන්නෙ. මේ නිසා දැන් මණ්ඩලයේ කචල් එකක් ඇවිල්ලු තියෙන්නේ.. ඒ ලොකු තැනට අපි ද ලොකු එයා ද ලොකු කියලා හිතන තරමට.

කොහොම වුණත් ලොකු තැන කට්ටියගෙන්ම වැඩේ ගන්නලු යන්නේ. හැබැයි මේ දෙගොල්ලෝ කොයි වෙලේ හරි එළිපිට මරාගනියි කියලා හැමෝම කියන්නේ. මොකද සමහර සමහර පුද්ගලයෝ සම්බන්ධයෙන් දෙපැත්තෙම විවේචන තියෙන නිසා. කොහොම වුණත් කැබිනට් පොහොට්ටු පොරවල් අනික් කට්ටියට වඩා ලොකු වැඩක් පටන් ගන්න ප්ලෑනක් ගහන ගමන්ලු ඉන්නේ.