2024 මාර්තු 09 වන සෙනසුරාදා

රාජ යෝගය

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 721

ක්‍රිකට් රැකගන්න කියලා කෑගහලා රණ්ඩුවෙලා එළියට විසිවුණු කෙනෙක් දැන් මේ දවස්වල ඉන්නේ කරකියා ගන්න දෙයක් නැතුවලු. හේතුව එයා රටේ ලොකු තැන වෙන්න හීන මැව්වට ඒ වැඩේ හරි ගියේ නෑලු. ඒත් ඇත්තටම මොකද මෙයාට වුණේ කියලා කට්ටිය හොයලා බැලුවලු.

මෙයා එකපාරටම ක්‍රිකට් ක්‍රීඩාව එක්ක පැටළුණේ මෙයාගේ නෝනා මෙයාව වෙලාව බලන්න කියලා එක්කන් ගිය ස්වාමින් වහන්සේ නමක් නිසා කියල කියැවෙනව. මෙයාට රාජ යෝගයක් තියෙනවා කියලා සමාජයේ කතාබහ වෙන දේවල්වලට වැඩියෙන් මුහුණ දෙන්න කිව්වලු. අන්න ඒ නිසාලු මෙයා ඒ වෙලාවේ ක්‍රිකට් තෝරගත්තේ කැම්පේන් එකක් හැටියට. ස්වාමින් වහන්සේ කිව්වලු අනිවාර්යයෙන්ම ජනතාව හොයාගෙන එන්නේ කියලා.

අන්තිමේ ඇමැතිකමත් නෑලු. දැන් කවුරැත් ගණන් ගන්නෙත් නෑලු. මොකක්ද වුණේ කියලා අහගන්න අර අනාගතය පේන තැනට ගියාලු. ඒ වෙලාවේ කිව්වලු කිල්ලකට අහුවෙලා කියලා. කොහොම වුණත් කිල්ලට වඩා ලොකු තැනගෙ උදහසට අහුවෙලයි එයාට යන්න වුණේ

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00