අලි පාටියේ මංගල රැලිය එක්ක සමහර අය ටික ටික අමනාපයෙන්ලු ඉන්නේ. ඒකට හේතු කිහිපයක් ඇතිවෙලා. සමහර අයට කතා කරන්න අවස්ථාව දීලා නෑ. තව අයට ඉඩ තියලා නෑ. සමහර අයට මේකේ තැනක් නෑ. අරක මේක කේස් ගොඩක්ලු.
කොහොම වුණත් තව කට්ටියක් ඉන්නවලු මේ වැඩේ නමට අකමැති. මොකද කැම්පේන් එක කරන්න හදලා තියෙන්නෙ කොළඹ කට්ටියක්. නමුත් ලොකු තැන බලය පවරලා තියෙන්නේ එයා තමයි කැම්පේන් ලොක්කා කියලා. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ එයාට නොදැනුවත්වලු. ඒක කරලා තියෙන්නේ රැස්වීම තිබුණු පැත්තේ කෙනාලු. මේ නිසා අරයා ටිකක් අමනාපෙන්ලු ඉන්නේ. මොකද බලය දීලත් එයා මේ දේවල් නොදැනුවත්ව හිටිය නිසා. කොහොම වුණත් වැඩේ ගැන නම් දැන් එන්න එන්න කට්ටිය අතර අවුල් ඇතිවීගෙන එනවා කියලා කියනව.