කොළඹට කිට්ටු දිස්ත්රික්කයකින් දියවන්නාවට පත්වෙලා ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව... උන්නැහේ ඒ පළාතෙ දේශපාලන පවුලක ලොක්කෙක්...
මුන්නැහේගෙ විෂය පොහොට්ටුව වුණත් දැන් වැඩිපුර බර අලියටලු... කොහොම නමුත් පසුගිය මැයි දිනේ රුස්වීමට කලින් එදා රුස්වීමෙ කතා කරන කථික ලැයිස්තුව පොහොට්ටු ලොක්කො එකතුවෙලා හැදුව. ඒ වෙලාවෙ මේ ප්රබලයට කතාවක් කරන්න කියල ආරාධනා කළාට උන්නැහේ ඒක කරන්න අමාරුය කියලයි කිව්වෙ... ඒ හින්ද එයාගෙ නම නැතුව කථික ලැයිස්තුව හැදුව...
ඊට පස්සෙ කැම්බල් එකේ තිබුණු මැයි දින වේදිකාවටත් මෙයා ආව... ඒ වෙලාවෙ ඇවිත් හිටපු සෙනග දැක්කම මෙයාටත් කතාවක් කරන්න ඕන වෙලා සංවිධායකයන්ට කිව්වලු මමත් කතාවක් කරන්නම් කියල... ඊළඟට ඉතින් වෙන කෙනකුගෙ කතාවක් අයින් කරල මෙයා ලොක්කෙක් නිසා කතාව දුන්නලු...
ඊට පස්සෙ එයා පොහොට්ටුව නග්ගල ඇට්ටි හැලෙන කතාවක් කළාලු...