අත පාටියේ ඉඳලා එළියට දාපු කුරුණෑගල පැත්තේ ලියන මහත්තයගේ කුමන්ත්රණය ටික ටික එළියට එන්න පටන් අරන්ලු. වැඩේ සිද්ධවෙලා තියෙන්නෙ මෙහෙමයි. මේ ලියන මහත්තයට ගේම ගහන්න ගිහින් තියෙන්නේ ඌව පළාතෙ ලොකු තැනක්ලු. එයා දවසක් පක්ෂයේ හිටපු ලොකු තැන එක්ක රණ්ඩු වුණාලු මෙහෙම.
“ඔබතුමා හිතන්න එතුමා එක්ක වැඩ කරන්න බෑ. ඔය මනුස්සයා තියාගත්තොත් අපේ නාමයෝජනා අත්සන් කරන එකකුත් නෑ. ඒ තරමට තරහයි ඔය මිනිහ. ඒ නිසා ඔය මිනිහ අයින් කරලා වෙන කෙනෙක් දාන්න" කියලලු කිව්වේ.
මේ කතාවට අහපු හිටපු ලොකු තැන එක පෑන් ඉරෙන් ලියන මහත්තය ගෙදර යැව්වලු. හැබැයි අද වෙනකොට හිටපු ලොකු තැන දන්නවලු වෙච්ච කුමන්ත්රණය සහ මහ මොළකරු කවුද කියලා.