මේ පාර මැයි දිනේ තිබුණේ ලොකු තරගයක්. හැම පක්ෂයක්ම ලොකුවට සෙනග ගෙනල්ල රටට පෙන්නන්නයි උත්සාහ කළේ... ඒ නිසා සමහර පක්ෂ විශාල විදියට සල්ලි වියදම් කරල සෙනග කොළඹට ගෙනාව.. ඒ පක්ෂවලින් ගොඩක්ම පක්ෂ තමන්ගෙ රැස්වීම් තිබ්බෙ මහ පාරෙ.. ඒත් පක්ෂ තුන හතරක් තමන්ගෙ රැස්වීම් ක්රීඩා පිට්ටනිවල තිබ්බ..
කොහොම හරි මේ රැස්වීම්වලට පැමිණි සෙනග ගැන හැමදාම කරනව වගේ ආරක්ෂක බුද්ධි අංශය ගණනය කිරීමක් කරල රජයට වාර්තාවක් දෙනව...
මේ පාරත් ඒ විදියට වාර්තාව හදල ආණ්ඩුවෙ මහ කන්තෝරුවට දෙන්න යනකොට එක්තරා බලවත් විෂයයකට වගකියන රාජ්ය මට්ටමේ ඇමැති කෙනෙක් මේ වාර්තාව ගෙන්න ගත්තලු..
වාර්තාව හොඳට බලපු රාජ්ය ඇමැති තැන ඒකෙ සමහර පක්ෂවල ජන සහභාගිත්වය ගැන තිබුණු ගණන් හිලව් වෙනස් කළා කියල ආරංචියි.
එයා එහෙම කළේ ළඟ එන මැතිවරණයට ලොකු සෙනගක් ගෙනාවය කියන පක්ෂවලින් බලපෑමක් ඒවිය කියලලු.