2024 මැයි 25 වන සෙනසුරාදා

මට්ටු කිරීම

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 705

පොහොට්ටුවෙ ලොකු ලොක්කො පසුගියදා තීන්දු කළේ තමන්ගෙ ආසන බල මණ්ඩල පිහිටුවල ඡන්දෙකට ලෑස්ති වෙන්න...

ඒත් පොහොට්ටුවෙ ඉඳගෙන ආණ්ඩුවෙ ප්‍රධාන අයට ආවඩන කොළඹට කිට්ටු දිස්ත්‍රික්කෙක ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් මේ වැඩේට උදැල්ල දාන්න සැට් වුණාලු.. තමන්ගෙ දිස්ත්‍රික්කෙ ඉන්න තමන්ට හිතවත් මැති ඇමැති ගොල්ලටත් තමන්ගෙ අදහස කියල මේක නොකර ඉන්න උන්නැහේ විකල්ප යෝජනාවක් ගෙනෙමු කියල කතා වුණාලු...

එහෙම කියල ආසන බල මණ්ඩල වැඩේ අල කරන්න හදනකොට පොහොට්ටු මූලස්ථානෙට කතාව ආරංචි වුණා... ඊටපස්සෙ එයාලත් විපක්ෂයෙ ආසන සංවිධායකවරුන්ට සැර පණිවිඩයක් යැව්වලු. කොහොම හරි අන්තිමට මේ දිස්ත්‍රික්කෙ තියෙන මන්ත්‍රී ආසන දෙක තුනක ඇරෙන්න අනිත් සේරගෙම ආසන බල මණ්ඩල හැදුවලු...

අර ඇමැතිතුමා දැන් ටික ටික තනි වේගෙන යන බව උන්නැහේටම දැනෙන්න ඕනෙ නිසා පක්ෂය මෙ විදියට තද තීන්දුවක් අරන් එයා මට්ටු කළ බවයි තතු දත් අය කියන්නෙ.

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00