2024 මැයි 25 වන සෙනසුරාදා

වලියක්

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 555

පසුගියදා ආණ්ඩුවේ මැති ඇමැතිවරු පාටියක් තිබ්බලු බත්තරමුල්ලේ පැත්තේ හෝටලයක. ඉතින් මේකට කට්ටිය ආවලු හැමෝම. මේ අතර අපූරු දෙන්නෙක් කතාවක පැටළුණාලු. එක්කෙනෙක් නුවර ලොකු පරම්පරාවක ටිකක් චණ්ඩි පොරක්ලු. අනික් කෙනා කැලණියේ චණ්ඩි මිරිස් කුඩුවලට ප්‍රසිද්ධ කෙනෙක්ලු.

කට්ටිය මැද්දේ නුවර කෙනා කිව්වලු "ඔබතුමා අර කටුනායකදි කරපු දේ නම් අන්තිම වැරදියි" කියලා.
මේක අහපු කැලණියේ හාදයට යකා වැහුණලු. "ආ එතකොට ඔයා අනුරාධපුරයේ හිර ගෙදරට පැනලා කරපු දේ හරිද?" ගත්කටටම ඇහුවලු.

මේ වගේ කතා අහපු ගමන් යකා නගින නුවර කෙනා ඔන්න වලියට ආවලු. දෙන්නා ගහගන්න තැනටම ඔන්න මෙන්න යද්දිලු වැඩේ කට්ටිය පැනලා බේරගත්තේ.