2024 ජුනි 01 වන සෙනසුරාදා

මේකත් කරණමක්?

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 581

දුරකථන පාටියේ සභාපති පුටුවේ ඉන්න ලොකු මහත්තයා පක්ෂය එක්ක අවුල් ගොඩක ඉඳගෙන දැන් ලෑස්ති වෙන්නේ වෙනස් ගමනක් යන්නලු. මෙයා රටේ මහ පුටුවට ඉල්ලන්න තමයිලු ප්ලෑන් එක. ඒක හිතේ තියාගෙන ඉන්නකොට මෙයාගේ හිතවතෙක් වෙච්ච මේ ළඟදී මන්ත්‍රීකම නැතිවුණු නෝනගේ මහත්තයා මෙයාට අලුත් යෝජනාවක් ගෙනාව කියලයි ආරංචිය. ඒ දුරකථන පාටියේ සැට් එකක් එකතු කරගෙන ආණ්ඩුව පැත්තට පීල්ල මාරු කරන්නලු.

හැබැයි මෙයා එන එකට ආණ්ඩුවේ සමහර අය කැමැති නෑ කියලා මෙයත් දන්නවා. කොහොම වුණත් මෙයා තවම වැට උඩලු ඉන්නේ යෝජනාව ගැන. ඉතින් මෙයා ආණ්ඩුවට යයිද කට්ටිය එක්ක ඡන්දය ඉල්ලයිද කියලා හිතනවලු.