ඈත පළාතකින් දියවන්නාවට පැමිණි සිංහයෙක් වගේ හිටපු ව්‍යාපාරික මන්ත්‍රීතුමෙක් පසුගිය කාලෙම කිය කියා හිටියෙ තමන් මේ රටේ මහ පුටු සටනට ඉදිරිපත් වෙනවය කියල. ඒ සඳහා උන්නැහේ අලුත්ම පක්ෂයකුත් නිර්මාණය කළා...
මීට අවුරුද්දකට දෙකකට කලින් ආණ්ඩුවෙ කැබිනට් පට්ටමක් දරාපු එතුමාට කැබිනට් පට්ටම අහිමි වුණාට පස්සෙ තමයි මහ පුටු සටනෙ උණ වැළඳුණේ...
කොහොම නමුත් ඒ සඳහා පක්ෂයක් හදල මැයි දිනේ පවා තනියම තියල සටනට සැරසුණාට ඒකට ලැබෙන සහයෝගය අඩු නිසා ඊයෙ පෙරේදා උන්නැහේ තීන්දු කළාලු මහ පුටු සටනින් ඉවත් වෙන්න. ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම දේශපාලනේට ආයුබෝවන් කියන්නත් තීන්දු කරලා ඊටපස්සෙ තමන්ගෙ ව්‍යාපාරෙ දියුණු කරන්නත් තීන්දුවක් අරන්... එයාගෙ මේ තීන්දුව උන්නැහේගෙ ළඟම දේශපාලන සගයන්ටත් දැන්නුවලු.