2024 ජුනි 08 වන සෙනසුරාදා

දෛවඥතුමා

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 674

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලේක කන්තෝරුව පවත්වාගෙන යන කීර්තිමත් දෛවඥයෙක් ඉන්නව. එයා තමයි දැන් කොළඹ ඉන්න හුඟක්ම දේශපාලනඥයන්ට දේශපාලන අනාවැකි කියන්නෙ. රටේ ඉහළම පුටුවල ඉඳන් පහළම පුටුවල ඉන්න අයත් මෙයා හමුවෙන්න යනවලු. 

මේ දවස්වල උන්නැහේ ළඟ පෝලිම තියෙන්නෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවය කියන අපේක්ෂකයන්ගෙන්ලු... දේශපාලන තීන්දු ගන්න බැරිව ඉන්න සමහර ඉහළ තනතුරු දරන උදවිය පවා මේ කීර්තිමත් දෛවඥයගෙන් තමන්ගෙ අනාගතේ ගැන අහගන්න බවයි ආරංචි...

මෙයා හම්බුවෙන්න ආපු සමහර ප්‍රබලම දේශපාලනඥයන්ට මෙයා කියල තිබෙනවලු මේ කාලෙ ඡන්දයකට ගියොත් නම් දිනාගන්න අමාරුයි කියලත්.

ලොකු ගණනක් අය කරලයි මෙයා අනාවැකි කියන්නෙ. ඒත් සමහර ප්‍රබලම අයගෙ ගෙදරටත් ගිහිල්ල නොමිලයේ සේවය සපයනවලු...

කොහොම නමුත් රටේ ප්‍රධානම දේශපාලන තීන්දුවල පිටිපස්සෙ මේ දෛවඥතුමා ඉන්න බව නම් සක්සුදක් සේ පැහැදිලියි.

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00