2024 ජුනි 15 වන සෙනසුරාදා

කැපිල්ලක්

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 897

ටැලිෆෝන් පක්ෂයේ ඉහළම තනතුරක් දරන කෙනකුගෙ පට්ටම තමන්ට ලබාගන්න එක්තරා දේශපාලන ලොක්කෙක් සියුම් වැඩපිළිවෙළක් දියත් කරලලු.

ඒ අනුව උන්නැහේ මේ සජබ ප්‍රබලය අලි පාටියට ඒ කියන්නෙ එයාලගෙ පැරණි මහ ගෙදරට තල්ලු කරන්නලු හදන්නෙ. 
මේ සඳහා තිරය පිටුපස ඉඳන් ප්‍රචාරක කටයුතු කරන දේශපාලන ලොක්ක දැනටත් පාර්ලිමේන්තුවෙ නැති බස්නාහිර පළාතෙ ආසන සංවිධායක කෙනෙක්ලු... ඉහළ තනතුරකට පැනගන්න ආසාවෙන් ඉන්න මුන්නැහේ තමුන්ගෙ දිස්ත්‍රික්කෙ ඉන්න අනිත් සජබ ලොක්කොත් එක්කත් වලි දාගෙනලු ඉන්නෙ.

ඉතින් කොහොම හරි සජබ මහ පුටුවකට පැනගන්න අර අඳින මේ තැනැත්තගෙ සෙල්ලම් ඉහළටත් වාර්තාවෙලා කියල ආරංචියි. ඒ අනුව ළඟදිම මෙයාට සැර අවවාදයක් දෙන්නලු යන්නෙ කට පියාගන්න කියල.

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00