රටේ ඉහළම දේශපාලන පවුලක තරුණ දේශපාලනඥයකුට අපූරු යෝජනාවක් ආවලු.
ඒ යෝජනාව ගෙනාවෙ ආණ්ඩුවෙ ඉහළම කන්තෝරුවකින් කියලයි ආරංචි...
මේ යෝජනාව තනතුරක් ගැනය කියල කියැවෙනව...
ඉදිරි මහපුටු සටනෙදි එක්තරා අපේක්ෂක භවතකුට එයාලගෙ පක්ෂයෙන් උදව් කරනව නම් රටේ ඉහළම තනතුරුවලින් එකක් දෙන්නම් කියලයි මේ යෝජනාව කළ අය දන්වල තියෙන්නෙ.
ඒත් ඒ යෝජනාව ලැබුණු තරුණ දේශපාලුතුමා බොහොම සුහදව බොහොම කාරුණිකව ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළාලු.
අවුරුදු දෙක තුනක් තිස්සෙ නොදුන්න තනතුරු දැන් භාරගන්නෙ මොකටද කියලයි එයා කියල තියෙන්නෙ. එච්චර විතරක් නෙවෙයි ඔය තනතුර සමඟ අනතුර ඇත කියලත් එයා තමන්ගෙ හිතවත්ම අයට කිව්වලු.