පොහොට්ටු පක්ෂයේ තරුණ නායකයකුයි එයාල එක්ක ඉන්න උඩරට පළාතෙ රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයකුයි ගුටි හුවමාරුවක යෙදුණා කියල පසුගිය දවස්වල ලොකු කතාවක් ගියා.
ඔන්න ඔය කතාව ප්‍රචාරය වෙලා දවසකට පස්සෙ කොළඹ තරු හෝටලේක තිබුණු මංගල උත්සවේකදි මෙහෙම ගහගත්තය කියන දෙන්නා මුහුණට මුහුණ හම්බවුණාලු. ඒක දැකපු හුඟ දෙනෙක් හිතුවෙ ඒ දෙන්නා ඇවිල්ලා ආයෙම ගින්නක් පත්තුවේය කියලයි. නමුත් සිද්ධ වුණේ වෙන දෙයක්. එකපාරටම ඒ දෙන්නා බදාගෙන කරට අත දාගත්ත. ඊළඟට ළඟ හිටපු අයට එයාල කිව්ව අපි මේ ගුටි කෙළියේ ඉන්ටවල් එකක් අරන් ඉන්නෙ කියල...
ඊළඟට මේ දෙන්නා එකම මේසෙ වාඩිවෙලා දවල් කෑමත් කාලා කරට අත දාගෙනම පිටවෙලා ගියා.