කොළඹ දිසාවෙ මධුර මනෝහර දේශපාලනයක් කරන මන්ත්රී සයිස් මහත්තයෙක් පසුගියදා හිටපු ජනාධිපතිවරයෙක් මුණගැහෙන්න නුගේගොඩ පැත්තෙ තියෙන එතුමගෙ ගෙදරට ගියාලු...
තනතුරින් ඉවත් වූ පසුව ගෙදරට වෙලා තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න හිටපු ලොකු තැන හමුවෙන්න මුන්නැහේ ගියේ එතුමගෙ සහය ඉදිරි ඡන්දෙදි ලැබෙන්නෙ කාටද කියලා දැනගන්න බවයි තතු දත් අය කියන්නෙ...
ඒ වගේම උන්නැහේ කාටවත් සහය දෙන්න තීන්දු කරලා නැත්නම් එයාගෙ සහය එක්තරා ප්රබල අපේක්ෂකයකුට ගන්නත් ඉල්ලීමක් කරන අදහස මේ මන්ත්රීතුමා හිතේ තියාගෙනලු ගියේ.
ගිහිල්ල කතාවට වැටිල වටින් ගොඩින් මේ කතාව දානකොටම හිටපු ලොකු තැන ඒ දේශපාලන කතා එකපාරටම ප්රතික්ෂේප කළාලු. “මම දැන් විශ්රාමිකයි. මට දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නැහැ. ඒ නිසා ඒ ගැන කතා නොකර ඉඳිමු” හිටපු ලොකු තැන කිව්ව...
ඒ කතාව කිව්ව විතරයි මන්ත්රීතුමා සද්දෙ වහල ආ ගිය තොරතුරු කතා කරලා මාරු වුණු බවයි ආරංචි.