කොළඹ උස කෙට්ටු දේශපාලුතුමා පහුගිය ටිකේ රටේ ලොකු පුටුවට එන්න පක්ෂයක් හදාගෙන ලෑස්ති වුණා. ගොඩක් වැඩ කළා. හැබැයි අන්තිමේ වැඩේ ටිකක් ඇදෙන නිසා එයා ටික ටික කකුල පස්සට ගත්තලු. කොහොම වුණත් මෙයා හිටිය කඳවුර අත් ඇරලා ආව කෙනා නිසා ගොඩක් අය මෙයාට තැන් තැන් වලින් එකතු වෙන්න කතා කළා.
ඔන්න ඔය අතරේ තමයි මෙයාට ආයේ කපුකම් කරන්න දුරකථන පාටියේ කට්ටියක් ආවේ. ඒ ආපු කට්ටිය කිව්වේ පරණ දේවල් අත් ඇරලා එකතු වෙන්න කියලා. කොහොම කොහොම හරි කපුකම දුරදිග ගිහිල්ලා මෙයාව එකඟ කර ගත්තලු ආයේ පරණ තැනට ගන්න. ඔන්න දැන් අද හෙටම මෙයා ඒ කඳවුරේ ලොකු චරිතයක් වෙන්නලු යන්නේ. ආරංචි හැටියට සන්ධානයේ ලොකු තැනක් දෙන්නලු යන්නේ.