2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

සටන උග්‍රයි

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 2161

ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට තරග කරන රටේ ලොකු තැනට දැන් වැඩියෙන්ම සහය දෙන්නේ පොහොට්ටුවේ ඈයෝ. ඒ අය බැහැලා වැඩේට දුවනවා. ගම්වලත් පොඩි පොඩි ප්‍රාදේශීය, නගර මන්ත්‍රී බබාලත් දුවනවා. දැන් ලොක්කා ඒ අයගේ වෙලාලු. අලි පාටියේ ඉන්න ගොඩක් අයට දැන් පොහොට්ටුවේ අය රැස් පරොස් පෙන්නන්න අරන්ලු. දැන් මේ බිම් මට්ටමේ ප්‍රශ්නය උඩම තැනටත් ඇවිල්ලා. ලොක්කගේ මාර්කටිං වැඩ ගොඩක් පොහොට්ටුවේ ඈයන්ගේ අතේලු තියෙන්නේ. කෝට්ටේ පැත්තේ තියෙන ඔෆිස් එක ගෑවෙන්නෙවත් නෑලු.

ඉතින් මේ අයිතිය නිසා දැන් ඇතුළේ පොඩි පොඩි බාල්දි පෙරළෙන්න පටන් අරන්. පරණ අලි පැටව් කුංචනාද කරන්න අරන්ලු. මොකද ලොක්කා වෙනුවෙන් එයාලට කරන්න දෙයක් නැද්ද අහලා. සමහර රැස්වීම්වලට අලි පැටව් ගෑවිලාවත් නෑලු. කොහොම වුණත් පිපිරෙන්න ඔන්න මෙන්නලු තියෙන්නේ වැඩේ.

 

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00