2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

අවුල් කතා

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 846

මාලිමා සහෝදරවරුන්ගේ වැඩෙත් නැගලා යන මොහොතක කටකාර මනස්-කාන්ත කතා කියන කෙනෙක් නිසා පක්ෂයේ සමහර අය ගොඩක් අවුල් ගිහිල්ලා. මොකද එයා දිගින් දිගටම නාන කතා ගොඩක් කිව්වලු. මේ නිසා එයාලට විරුද්ධ කණ්ඩායම් උඩ පැන පැන ගහන්න අරන්ලු තියෙන්නේ. කොහොම හරි පක්ෂයේ නායක තැනට දැන් දැන් යෝජනා ඇවිල්ලලු තියෙන්නේ මනස්-කාන්ත කතා කියන කෙනා ඉන්න රැස්වීම් ටිකක් අඩු ක‍රන්න කියලා. මොකද ලොක්කා ඉන්න තැනම එයා නාන කතා කියන නිසා නායක සහෝදරයගේ සායම හේදෙන බවලු ඒ අය කිව්වේ.

ඉතින් දැන් නායක සහෝදරයගේ වැඩ බලන ගොඩක් අය මනස්-කාන්ත සහෝදරයගෙන් ඈත් කරලා තියන්නලු යන්නේ. එහෙම වහපු කටක් තවත් තියෙනවා. සඳුන් වගේ නමක් තියෙන කෙනකුත් මේ වෙද්දී කට වහලලු තියෙන්නේ.