2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

බය වෙලාලු

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 847

මේ දවස්වල ඡන්දය ගැන සමීක්ෂණ වාර්තා කෝටියක් විතර වෙබ් අඩවිවලත් වෙනත් සමාජ ජාලාවලත් දකින්න ලැබෙනව.

මේ වාර්තාවලින් බොහොමයක් ඒ ඒ පක්ෂවල හිතවතුන් නිර්මාණය කරන ඒවලු. ඒත් රට පුරා පැතිරුණු ස්වාධීන කණ්ඩායමක් විසින් කරපු එක්තරා සමීක්ෂණයක ප්‍රතිඵල දැකපු ප්‍රධානම පක්ෂවල අය අප්සෙට් වෙලා ඉන්නවය කියල තතු දත් උදවිය කියන්න පටන් අරන්. විශේෂයෙන් දිස්ත්‍රික්ක තුනක සමීක්ෂණ ප්‍රතිඵලය ගැනයි මේ කුලප්පුව ඇතිවෙලා තියෙන්නෙ.

මේ දිස්ත්‍රික්ක රටේ ලොකු දිස්ත්‍රික්ක නොවුණත් ඒවයෙ ප්‍රතිඵලය වෙනස් කරගන්න මහ පක්ෂ තුන හතරම බරටම වැඩලු. ඒවයෙ තවමත් විශාල පිරිසක් ඡන්දය ගැන තීන්දුවක් අරන් නැතිකමත් ලොකු ප්‍රශ්නයක් වෙලා කියලයි ආරංචි.