ආණ්ඩුවෙ ලොකු ඇමැතිකමක් කරන මහත්තයෙක් දැන් දැන් ආණ්ඩුවෙ වැඩවලින් මගහරිමින් සිටිනවය කියල පසුගිය දවසක මහ කන්තෝරුවෙ කතාවක් ගියා.
සමහර වෙලාවට මෙයා රටේ ලොකු තැනගෙ දුරකතන ඇමතුම්වලටවත් උත්තර දෙන්නෙ නැතිලු. පසුගිය කාලෙ නිතරම පිටරටත් ගියාලු.
මෙතුමාගෙ ඉතිහාසය ගත්තමත් හැමදාම ආපු ආණ්ඩුවට සැට්වෙලා හිටපු කෙනෙක් කියලයි තතු දත් අය කියන්නෙ. මේ පාරත් ආණ්ඩුවෙ ඉඳල වි-පක්ෂය පැත්තට කරණමක් ගහන්න යනවය කියල ආණ්ඩුවෙ අයට සැකයක් ඇතිවෙලා ඒ ගැන කරුණු සොයන්න කිහිප දෙනකුටම පවරලයි කියලත් ආරංචියි.
මුන්නැහේ කරන්න යන්නෙ මොකද්ද කියල ඇත්තටම තවත් සතියකින් බලාගන්න පුළුවන් කියල සමහරු කියනවලු. කොහොම නමුත් ආණ්ඩුවෙ ඉහළ තැන්වලින් මෙයාට එක්තරා දිස්ත්රික්කයක් බාරදීල වැඩ කරන්න කියල කියන්නලු යන්නෙ...