2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

ගමන නවතී

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 817

මේ දවස්වල දුකින් ඉන්න රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවලු. මලක නමකින් හැඳින්වෙන මුන්නැහේ මෙතෙක් තමන් හිටපු ගෙදරින් වෙනත් ගෙදරකට හදිස්සියෙම ගියේ මීට සති දෙකකට කලින්ලු.
ඒ යන්න කලින් උන්නැහේට හුඟක් දේවල් ඒ පැත්තෙන් පොරොන්දු වුණාට තවම ඒ පොරොන්දු ඉෂ්ඨ වෙලා නැති නිසාලු එයා දුකින් ඉන්නෙ...

එයත් එක්කම ඔය ගමන යන්න හිටපු වයඹ පළාතෙ තවත් එයාගෙ හොඳම මිතුරෙක් වන මන්ත්‍රී සයිස් මහත්තයෙක් මේ ගැන රහසින් රාජ්‍ය ඇමැති තැනගෙන් ඇහුවලු. එතකොට රාජ්‍ය ඇමැති තැන කිව්වෙ මෙහෙමලු.
“මචං උඹට අරව දෙන්නම් මේව දෙන්නම් කියල කියාවි. හැබැයි ඒ කියන දේවල් අතට ලැබෙනකම් යන්න නම් එපා... මම එහෙම නොකර වරද්ද ගත්ත. දැන් මට අල්ලපු අත්තත් නැහැ... පය ගහපු අත්තත් නැතිවුණා”
මේ විදියට වයඹ යාළුවගෙන් උපදෙස් ලැබුණම එයා යන්න හිටපු ගමන නවත්තල මහ ගෙදරම ඉන්න තීන්දු කළාලු.

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00