2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

අළු යට ගිනි

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 572

දුරකථන පාටියේ ලොකු තැන මහ පුටුවට වාඩි කරවන එකේ හරි හරියට වැඩලු. ඒ වැඩ එක එක අය එක එක ප්‍රමාණයෙන් කරනවලු. කොහොම වුණත් කාලයක් අලි පාටියේ වගේම දුරකථන පාටියටත් ඇවිල්ලා ඒත් 2020 දී මහ මැතිසබේ ඡන්දයට ඉදිරිපත් නොවී මගහැරිය සිංහයෙක් වගේ ඉන්න කෙනෙක් දැන් ආයේ දිනන සෙයියාව නිසා කරළියට ඇවිල්ලලු ඉන්නේ.මෙයා දැන් වේදිකාවක් වේදිකාවක් ගානේ කතා දෙසන්න අරගෙනලු තියෙන්නේ. ගොඩක් තියෙන්නේ මඩලු.

කොහොම වුණත් මෙයා ගහන මඩ නිසා අනෙක් අපේක්ෂකයන්ට ඡන්ද මාරුවෙන්න පටන් අරන්ලු තියෙන්නේ. ඒ මිනිස්සු එයාගේ කතාවලට අකමැති නිසා. ඒත් මෙයාව දැන් වේදිකාවෙන් බස්සගන්න බැරිලු. ඉක්මනින් බස්ස නොගත්තොත් හොඳ කෑමක් කන්න වෙනවා කියලා හැමෝම කතා වුණාලු.