2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

අප්සෙට්

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 529

කාලයක් එකට එක ගෙදර ඉඳල දැන් වෙන්වෙලා දේශපාලන ගමනක් යන ප්‍රධාන පක්ෂ දෙකක් ආයෙමත් එකට පූට්ටු කරන්න ආණ්ඩුවෙ දේශපාලන ලොක්කෙක් රහසින් වැඩක් පටන් අරන්ලු.

මේ දේශපාලන ලොක්ක පසුගිය කාලෙ දේශපාලනයේ රැස් විහිදවපු පොරක්. ඒත් අලුත්කඩේ නඩු තීන්දුවකින් උන්නැහේ කවුන්සිලෙන් දොට්ට වැටුණා. ඊට පස්සෙ රටේ මහ කන්තෝරුවෙ කැම්පේන් එකේ වැඩ කරමින් ඉන්නව පොඩි උපදේශකකමකුත් ලබාගෙන.

ඉතින් මුන්නැහේ පසුගිය දවසක ටැලිෆෝන් පාටියෙ ලොක්කකුට පණිවුඩයක් යැව්වලු අපි ආයෙත් එක දීගෙක යමු කියල. නමුත් ටැලිෆෝන් කස්ටිය ඒ යෝජනාවට තදින්ම විරුද්ධ වෙලා අපි අපේ ගමන තනියම යනව කියල පණිවිඩයක් ඇරල. ඒ නිසා ආණ්ඩුවෙ කපු මහත්තය දැන් ඉන්නෙ හරි අප්සෙට් එකේලු.

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00