2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ආයෙත් එන්නෙ නැතිලු

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 4284

ආණ්ඩුවේ ඉඳලා එකපාරම ගහෙන් ගෙඩි එන්නා වගේ දුරකථන පාටියේ නුවර වේදිකාවකට නැග්ග නිළි නෝනා ගැන විවිධ කතාලු. හැබැයි ගොසිප්ලු. ඒත් අපි හොයලා බලපුවම ආරංචි වුණේ නෝනා කොහොමත් යන්නලු හිටියේ. යන වැඩේ ඉක්මන් කළේ නුවර පැත්තේ කිරි දියඇල්ලක් වගේ ඉන්න කෙනෙක්ගේ දුවෙක්ලු. දුව තමයිලු නුවරින් කරළියට එන්න කියලා තියෙන්නේ.

කොහොම වුණත් දේශපාලන අනාගතයක් තියෙන කෙනෙක් එයාගේ ආසනේ වුණු ගාල්ලෙන් වේදිකාවට ගොඩ නොවී වෙනත් පළාතකින් උඩ ඒම ගැන හැමෝම කතා වුණාලු. ඒකට හේතුව මොකක්ද කියලා බලද්දිලු ආරංචි වුණේ එයාගේ අරමුණ තියෙන්නේ ආණ්ඩුකාර ධුරයක් හරි ලැයිස්තුවෙන් හරි එන්නලු. ඒ නිසා ආයේ ඡන්දය ඉල්ලන්න ආසාවක් නම් නෑලු.