2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ගම කාපු පොරක්

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 2191

රටේ ලොකු තැන ඡන්දය තෝරන වැඩේදි හැමෝම අවධානය දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. මොකද වැඩිම ඡන්ද එහේ නිසා. ඉතින් හැමෝම මහන්සි වුණා. කොහොම හරි දුරකථන පාටියේ සෙට් එකකුත් ඒ ඡන්ද ගන්න මහන්සි වුණා. හැබැයි ඒ සෙට් එකේ ගම්පහ භාරව ඉන්න මැම්බර් මහත්තයෙක් කකුල් දෙක දෙපැත්තේ තියන්ලු හිටියේ. ඒ කියන්නේ එයා ලොක්කා එක්ක වගේ හිටියට අලි පාටියේ ලොක්කටලු උදව් කළේ. මේ ගැන පක්ෂයේ ලොක්කට ආරංචි වෙලා කොළඹින් කණ්ඩායමක් දැම්මලු වැඩේ දුවන්න. පුදුමේ කියන්නේ එහෙම ආපු උන්ටත් මෙයා නෙමේලු කරගන්න දුන්නේ.

ඊටත් වඩා මෙයා ලොක්කා නොගිය රූපවාහිනී වැඩසටහනකටත් පක්ෂයෙ අයට නොදන්වා ගිහින්ලු. අන්තිමේ නෑවලු. ලොක්කගේ ගම කෑවලු. දැන් දැන් ඇතුළෙන් ඇවිල්ලලු තියෙන්නේ මෙයා අඟේ ඉඳන් කන කනවා කියලා. ඉතින් මෙයාට ඉක්මනින් බෙහෙත් දෙන්න වෙනවා කියලා පක්ෂය ඇතුළේ කතාවක් යනවලු. ඔන්න ඒ ආසනේට සම කෙනෙක් දාන්න යනවලු.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00