රටේ හිටපු ලොක්කෙක්ගෙ පුතකුට ඉදිරි මහ ඡන්දයට තරග කරන්න පක්ෂයක් නැතුව අවුලක් ඇතිවෙලා කියල ආරංචියි.
ඈත පළාතක් නියෝජනය කරන මුන්නැහේ අවුරුදු 5 ක් මේ රට පාලනය කළ කෙනෙක්. රටේ ලොකුම පක්ෂයක නායකය හැටියටත් හිටිය. අන්තිමේදි පක්ෂයත් තමන්ට නැති කරගෙන දැන් නිකම්ම ගෙදරට වෙලා ඉන්නව.
දැන් උන්නැහේගෙ එකම අරමුණ තමන්ගෙ ධර්මයට බර පුත්‍ර රත්නයට දේශපාලන පාරක් සොයල දෙන එකලු. ඒ සඳහා පසුගිය මහපුටු සටනට තරුව ලකුණින් තරග කරපු පක්ෂය තෝරගෙන දැන් මේ හිටපු ලොකු තැනගෙ පුත්‍රයා තරුවට සැට් කරල තමන්ගෙ දිස්ත්‍රික්කෙන් ඡන්දෙට දාන්නලු යන්නෙ.