2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

බලගතු හස්තයක්

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 526

දුරකථන පාටියේ ඇතුළේ ලොකු අවුලක්ලු. ඒකට හේතුව බලගතු අතක් පක්ෂයේ අභ්‍යන්තරය හසුරුවන්න පටන් ගැනීමලු‍.

සමහර අයට ඒ හස්තය විසින් බරපතළ විදිහට පහර දෙන්න අරන්ලු‍. පක්ෂයේ ලොකු තැනවත් නොදැන මේ අදිසි හස්තය ඇතැම් කට්ටිය  ගෙන්නලා ප්‍රශ්න කරන්න පටන් අරන්ලු‍. සමහර අයට ගෙදර යන්නම කියලලු‍.

කොහොම වුණත් මේ අදිසි හස්තය ලොක්ක හා සමානව ඉන්න කෙනෙක් කියලයි ආරංචිය. මෙයා දැන් පක්ෂයේ ලොකු තනතුරු කිහිපයකුත් වෙනස් කරන්නලු‍ ප්ලෑන් කරලා තිබෙන්නේ. ඊට කලින් ගොඩක් දෙනෙක් අයින් වෙන්නලු‍ හදන්නේ. කොහොම වුණත් මේ බලගතු හස්තයේ නම අද හෙටම කරළියට දාන්න තමයිලු‍ බැටකන කට්ටිය හිතන් ඉන්නේ.