2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා

මං කොමසාරිස්

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 587

රටේ විභාගවලට වගකියන ලොකුම ආයතනෙක ඉහළ තනතුරකට බලෙන්ම වගේ සැට් වෙච්ච එක්තරා බහිරව පොරක් එතැන නන්දන වින්දන වැඩසටහනක් පටන් අරන් කියල ආරංචියි.

මේ තනතුරට ඒ තැනැත්ත සුදුසු නැති නිසා ආණ්ඩුවෙ ඉහළම කොමිසමකින් මෙතෙන්ට සුදුසු නෝනා මහත්තයෙක් පත් කළාලු.

ඒත් බලෙන් වගේ තනතුරට සැට් වෙච්ච තැනැත්ත ආණ්ඩුවෙ රාජ්‍ය සේවයෙ ඉහළම කොමිසමෙන් පත් කරපු නෝනා මහත්තයට වැඩ භාර නොදී මම කොමසාරිස් වගේ ඉන්නවලු.
එතැන පුදුම වැඩේය කියන්නෙ ඔය ආයතනෙ ඉන්න ලොකුම ජනරාල් උන්නැහේලත් මෙතෙන්දි සද්දෙ වහල ඉන්න එකලු.

ඒ නිසා ළඟදිම මේ අවනඩුව අලුත් ආණ්ඩුවෙ ඉහළම තැනකට පැමිණිලි කරන්න ඔය දෙපාර්තමේන්තුවෙ පිරිසක් සූදානම් වෙන බවයි ආරංචි.

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00