අකුරු තුනක නමක් තියෙන එක්තරා ප්රකට දේශපාලන පක්ෂ නායකයෙක් සහ හිටපු ඇමැතිවරයෙක් වන කට ඇති මහත්තයෙක් මේ දවස්වල ආගිය අතක් සොයාගන්න බැරිලු. තමන්ගේ සියලු ජංගම දුරකතන අක්රිය කරගෙන උන්නැහේ අප්රකටව ඉන්න බවයි එයාගෙ හොඳම හිතවතුන් කියන්නෙ. ඔය කියන කාටවත් උන්නැහේ මාස ගණනකින් දුරකතනයෙන්වත් කතා කරල නැතිලු.
උන්නැහේ පසුගිය කාලෙ තමන්ගෙ පක්ෂයත් අරගෙන අලුත් දේශපාලන සන්ධානයකටත් එකතු වුණා. ඒත් අන්තිම මොහොතෙ උන්නැහේ මැතිවරණයට තරග නොකරන්න තීන්දු කරල තිරය පිටුපසට ගිය බවයි ආරංචි. ගතවුණු අවුරුදු 20 ක පමණ කාලයක් මැතිසබේදි රට දැය සමය වෙනුවෙන් හඬ නැගූ උන්නැහේ මේ විදියට නිහඬ වුණේ මොකද කියල නම් කවුරුවත් දන්නෙ නැතිලු.
ඒත් උන්නැහේ නිහඬ වෙන්න දවසකට දෙකකට කලින් කියල තිබුණෙ අලුත් ආණ්ඩුවට සහන කාලයක් දෙන්න ඕනෙ නිසා තමන් එයාලට උදව්වක් වශයෙන් ඡන්ද නොකර නිහඬව ඉන්න බවකුයි.