2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ඉව ඇල්ලීමක්

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 879

ළඟදි පුරප්පාඩු වෙන්න යන රටේ ඉහළම පුටුවකට කෙනෙක් පත්කර ගැනීම ගැන නොයෙක් ආරංචි තිරය පිටුපස ප්‍රචාරය වෙන්න පටන් අරන් කියල ආරංචියි.

මේ තනතුර සඳහා රටේ නීති අංසෙ ඉන්න ඉහළම දෙතුන් දෙනෙක්ගෙ නම් යෝජනා වෙමින් තිබෙන බව තතු දත් අය කියනව. ඒ අයට උදව් කරන පිරිසකුත් ඉන්න බවයි ආරංචි.

කොහොම නමුත් මේ පදවිය රටේ ඉතාම තීරණාත්මක පට්ටමක් නිසා රටේ ලොකු මහත්තය ඡන්දෙන් පස්සෙ මේ තනතුර ගැන තීන්දුවක් ගනීවි කියල ඉහළම කන්තෝරුවෙ ඉන්න අයගෙන් දැනගන්න ලැබෙනව. කොහොම නමුත් මේ තනතුර සඳහා නෝනා කෙනකුත් මහත්තුරු දෙතුන් දෙනකුත් සුදුසුකම් ලබල තිබෙන බවයි කියැවෙන්නෙ.

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00