දුරකථන පාටියේ සමහර අපේක්ෂකයො ටිකක් කනගාටුවෙන්ලු ඉන්නෙ. ඒකට හේතුව පක්ෂයේ ලොකු තැන වැඩවලට යද්දි ටිකක් තෝරල බේරල යන නිසාලු. අනිවාර්යයෙන්ම දිනයි වගේ අයට වෙලාවල් දුන්නට රැස්වීම්වලට වැටඋඩ ඉන්න අයට ටිකක් වෙලාවල් දෙන්න අදිමදි කරනවලු.
සමහර අයට එන්නම් කියලත් එන්නෙ නෑලු. මේ නිසා ගොඩක් අපේක්ෂකයො අන්ත අසරණ වෙන අවස්ථා අප්රමාණලු. සමහර ජ්‍යෙෂ්ඨ අය මග ඇරලා අලුත් අයගේ ඒවටත් ගිහින්ලු. කොහොම වුණත් මේ ලොක්කව මෙහෙයවන ටීම් එකක් තමයි මේ වැඩේ දෙන්නෙ කියලා කට්ටිය කතා වෙනවලු. හැබැයි ඡන්දය ඉවර වුණු ගමන් මේ අපේක්ෂකයො මාධ්‍ය හමුවක් තියලා ඇත්ත කියන්නලු යන්නෙ.