ඡන්ද පරාජයෙන් පස්සෙ ටැලිෆෝන් කස්ටිය අතරෙ එක එක කතා පැතිරෙන්න පටන් අරන්. අරය හින්ද තමයි පක්ෂය පැරදුණේ කියල සමහරු හැමතැනම කියනවලු...
ඉතින් ඔය කතා යද්දි පක්ෂයෙ ඉහළම තැනකට කිට්ටු වෙලා ඉන්න උපදේශක මට්ටමේ පොරක් අලුත්ම යෝජනාවක් ගෙනල්ල. ඒ අනුව පක්ෂයෙ ජාතික ලැයිස්තුවෙ ඉන්න ‘බනානා මෑන්’ ජාතික මට්ටමේ සංවිධායක හැටියට පත් කරන්නලු සැට් කරල තිබෙන්නෙ.
ඒත් ඉතින් ඒ යෝජනාවට පක්ෂයෙ ඉහළම සැට් එකේ ඉන්න හැමෝම විරුද්ධ බවයි ආරංචි.