2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

එන්න ඕනලු

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 1350

පොහොට්ටු පාටියෙ ඉඳල ඡන්දෙ කාලෙ වෙන වෙන තැන්වලට රිංගල දියවන්නාවෙන් පාරට වැටුණ සමහරු දැන් ආපහු පොහොට්ටුවට අත වනනවලු.

සමහරු කෙළින්ම හිටපු ලොකු තැන හම්බවෙලා එන්නද සර් කියලම ඇහුවය කියලත් කතා යනව. සමහරු එතුමගෙ උපන් දිනයට සුබ පතන්න ඇවිල්ල ආපසු කොක්කක් ගහන්නලු යන්නෙ. 

ඒ වුණත් පොහොට්ටුවෙ ඉන්න ජ්‍යෙෂ්ඨම කස්ටිය, පක්ෂය දාල තනතුරු පස්සෙ ගිය හතර දෙනෙක් නම් කොහොමවත් ගන්නෙ නැහැ කියල සපථ කරනවලු. කළුතර පැත්තෙ දිලිසෙන මහත්තයකුයි රත්නපුර පැත්තෙ නෝනා කෙනකුයි රජරට පළාතෙ තවත් කෙනකුයි මාතලේ පැත්තෙ පොරකුයි මේ අතරෙ ඉන්න උදවියලු. කොහොම නමුත් හිටපු ලොකු තැනගෙ හිත උණු කරල මේගොල්ල ආපසු සැට් වෙන්න විවිධ තොරොට්ටු දාන බවත් ආරංචියි.

 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00